ප්‍රදේශ දෙකකදී සිදු වූ මාරාන්තික අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල, කන්නන්තොට ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අවිස්සාවේල්ල දෙස සිට කැගල්ල දෙසට ධාවනයට වූ ලොරි රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙලෙස මියගොස් ඇත්තේ කන්නන්තොට පරණවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක් පමණ වූ පුද්ගලයෙක්.
මෘතදේහය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අනතුරින් පසු ලොරි රථය දමා පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර රියදුරුවරාය අත්අඩංගුවට ගැනීම සඳහා රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර අක්කරායන්කුලම් මුරුකණ්ඩි මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදීද අනතුරක් සිදුව තිබෙනවා.
ඒ අක්කරායන්කුලම් දෙස සිට මුරුකණ්ඩිය දෙසට ධාවනය වූ කාර් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන්.
අනතුරෙන් යතුරු පැදිකාරිය බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට අතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
වයස අවුරුදු 44ක් වූ වරෝදයනගර්, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙහිදී මියගොස් තිබෙනවා.
මෘත දේහය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන් පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.