පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු බව කියන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කොටා’ නැමැත්තා රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (06දා) අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසය භාරව සිටින කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ,
මහමොළකරු ලෙස සැලකෙන ගම්පහ දේවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගන්නා ලදී.
මෝටර් රථයකින් මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී සීදුව ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබිණි.
ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ‘වලස් කොටා’ නමැති මෙම සැකකරු කාලයක සිට පද්මේට අයත් හෙරොයින් අලෙවි කරන බව හෙළි විය.
මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු පොලිසිය භාරයේ සිටින බව නොදැන කොමාන්ඩෝ සලින්ත නමැති පාතාල ප්‍රබලයා ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන විමසා ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.