Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විද්වත් කමිටුවක්

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විද්වත් කමිටුවක්

    2024-03-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීය.
    මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
    එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසීය.
    පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා පරිමාණ, සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම, ඉදිකිරීම් සේවා ප්‍රවර්ධනය කිරීම, විකල්ප අරමුදල් සම්පාදනය සහ කොන්ත්‍රාත් උපදේශන ගැටලු පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතන ප්‍රධානීහු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
    ජාතික ආර්ථිකය සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරට පොල් වගාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අපනයනය ඉලක්ක කරගත් තරගකාරී කර්මාන්තයක් ලෙස සංවර්ධන කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
    එමෙන්ම ශ්‍රී ලංකා ජාතික පොල් කර්මාන්ත මණ්ඩලය (National Chamber of Coconut Industry Sri lanka) පිහිටුවීම සම්බන්ධව ද මෙහි දී සාකච්ඡා විය.
    පොල් කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලුණු අතර ක්ෂේත්‍රයේ නියුතු වූවන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.
    භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සහ පොල් කර්මාන්තය ආශ්‍රිත ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට පොල් කර්මාන්තය හා සම්බන්ධ සියලූම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිලි කළේය
    ආශ්‍රීත පුවත්:  අදත් තද වැසි
    Sri Lanka
    පෙර පුව​තපාර්ලිමේන්තුව 19 සිට 22 දක්වා
    ඊළඟ පුව​ත බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයයි

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group