
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.
සතියකට පමණ පෙර බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 110කට ආසන්නව පැවති අතර, මේ වනවිට එය ඩොලර් 99කටත් අඩු මිලකට ගනුදෙනු වන බවයි වාර්තා වන්නේ. මේ අතර අමෙරිකානු උඔෂ බොර තෙල් බැරලයක මිලද ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණ තිබෙනවා.














