ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මස 05 වන දින THE CONJURING 4 සිනමා ශාලා වල විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙම චිත්‍රපටය THE CONJURING කතා මාලාවේ අවසන් චිත්‍රපටය වන බවයි වාර්තා වන්නේ.
2013 වසරේ ආරම්භ වූ මෙම චිත්‍රපට මාලාව එංගලන්තයේ සහ ඇමරිකාවේ් සිදු වූ අභිරහස් සිදුවීම් පාදක කරගනිමින් නිර්මානය කරනු ලබනවා.
එඩ් සහ ලොරේන් නම් ප්‍රධාන චරිත දෙකක් වටා නිර්මාණය වූ THE CONJURING සිනමාපටයේ අධ්‍යක්ශනය සුපිරි හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක මයිකල් චාවේස් විසින් සිදු කරනු ලබනවා.
වේරා ෆාමේගා සහ පැටි්‍රක් විල්සන් යන නළු නිලියන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබනවා.
මෙම චිත්‍රපට මාලාවට සමගාවීව නිර්මාණය වූ THE ANNABELL චිත්‍රපට මාලාවේද අවසන් දිග හැරුම එළඹෙන වසරේ විකාශන කටයුතු ආරම්භ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට දෙන කෑමවේල ගැන ඇමැතිගේ අවධානය
- අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉදිරි පැය 36ක කාලය සඳහා කාලගුණය
- කඩා වැටුණු ගස පැය පහකට පසු ඉවත් කරයි…
- ඉන්දියානුවන් පිරිසක් රැගෙන ගිය වෑන් රියදුරුට බඹර ප්‍රහාරයක්
- පුංචි ආණ්ඩුවල සභිකයන්ට වැඩමුළුවක්
- ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
- පොලිස් සැරයන්වරයකුගේ ගමන් බැගයක බන්ධනාගාරයට අයත් මාංචු කුට්ටමක්