උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
ඒ තුළින් විජලනය ඇතුලු රෝග තත්ත්වයන් වලක්වා ගත හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.
මේ අතර රජයේ ආයුර්වේදක වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා සදහන් කළේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවන් හිදි කෘතිම පැණි බීම පානය කිරීමෙන් වළකින ලෙසයි.
මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ රජයේ ආයුර්වේදක වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා.