පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 91ක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබුනා.
ඒ අනුව නායයෑම් රතු නිවේදන බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශයන් සඳහා නිකුත් කිරීමටයි පියවර ගෙන තිබුනේ.
මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මරණ 50ක් වාර්තා වී තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කය තුළ අවතැන් කඳවුරු 76ක පුද්ගලයින් 2,239ක දෙනෙකු කදවුරු ගත කර ඇති බවයි.
එමෙන්ම අතුරුදන්වීම් 67ක් වාර්තා වී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 35ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළේ.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 28 දෙනෙකු තවමත් අතුරුදන්වී තිබෙනවා.
උණුසුම් පුවත්
- පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
- “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
- මෝදිගෙන් අනුරට ලිපියක්
- රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
- කුඩු රොෂාන් අත්අඩංගුවට
- අර්චුනා පොලිස් අත්අඩංගුවට
- ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
- ැපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට













