බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194 ක අගනා සබඳතාවක් පැවැත් වූ ඔහු ලකුණු 93 ක් රැස් කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ හේතුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි ශතකයට ලකුණු හතක් පසුපසින් තිබියදී චන්දිමාල්ගේ ඉනිම අවසන් වුණා. ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94 ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90 ත් 99 ත් අතරදී දැවී ගොස් නොතිබීමද විශේෂත්වයක්. චන්දිමාල් අවස්ථා හයකදී ලකුණු 80 ත් 89 ත් අතර දී දැවී ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- මව සහ දියණිය විදුලි සැර බිලි
- පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
- පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
- ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
- පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
- නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
- T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි














