බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. පැතුම් නිස්සංක සමගින් දෙවන කඩුල්ලට ලකුණු 194 ක අගනා සබඳතාවක් පැවැත් වූ ඔහු ලකුණු 93 ක් රැස් කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඒ හේතුවෙන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 17 වැනි ශතකයට ලකුණු හතක් පසුපසින් තිබියදී චන්දිමාල්ගේ ඉනිම අවසන් වුණා. ඔහු 2022 වසරේදී ගාල්ලේ පැවති තරගයදී පාකිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 94 ක් රැස්කිරීම හැරෙන්න, මීට පෙර කිසිදු අවස්ථාවක ටෙස්ට් තරගයකදී ලකුණු 90 ත් 99 ත් අතරදී දැවී ගොස් නොතිබීමද විශේෂත්වයක්. චන්දිමාල් අවස්ථා හයකදී ලකුණු 80 ත් 89 ත් අතර දී දැවී ගොස් තිබෙනවා.
උණුසුම් පුවත්
- පොලිස්පතිගේ watsapp අංකයට ලැබෙන පැමිණිලි ඉහළට
- එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
- ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
- පොලිස් ස්ථානාධිපතිවරුන් 32 කට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
- එච්.අයි.වී ආසාදිතයන් ඉහළයාමේ ප්රවනතාවයක් !
- පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
- හෙදි පෙම්වතියයි කොස්තාපල් පෙම්වතායි දෙන්නම කූඩුවට
- කජ්ජාගේ දරු දෙන්න මරන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ