වලංගු බලපත්‍රයක් නොමැතිව ටී56 ගිනි අවියක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැඟව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද(25) දැනුම්දී තිබෙනවා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ එම්.කේ. අමිල චන්ද්‍රානන්ද්‍ර හෙවත් නාරාහේන්පිට අමිල යනුවෙන් මෙම සැකකරු හඳුන්වන බවයි.
සැකකරු සතුව තිබූ බව කියන ටී56 ගිනි අවියක් හෝමාගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක තිබියදී සොයා ගැනුණේ වැඩබලනf පාලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.
එසේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ මින්නේරීය හමුදා පුහුණු කඳවුරේ අවි ගබඩාවෙන් ගිනි අවි සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු විභාගයකට මුහුණදී සිටින බවයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙයසි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.