මැතිවරණය පැවැත්වීම සදහා ආණ්ඩුව කිසිදු සුදානමක් නොමැතිව සිටින බව පැෆරල් සංවිධානය පවසනවා.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කරන්නේ විශේෂඥ කමිටු හරහා පළාත් පාලන ආයතන පාලනය කිරීමට විධායකට හැකි වන බවයි .
මේ අතර මැතිවරණය පිලිබදව ඊයේ දිනයේදීත් දේශපාලන නියෝජිතයින් විසින් විවිධ අදහස් පල කළා .
මේ එලෙස අදහස් දැක්වූ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන , ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී ලාල් කාන්ත ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක අබේසිංහ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති ,පාර්ලිමේන්තු මන්ත්රී ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් .