ඩුබායි රාජයේ සිට මෙරට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගෙන තිබෙනවා.
අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදී මෙම භාණ්ඩ සොයාගත් බවයි බස්නාහිර පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය සඳහන් කලේ.
අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී හොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීයි.