ඉන්දියාවේ දිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස් සිය ශෝකය පළ කර තිබෙනවා.
පිපිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බවයි මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර දිල්ලි පිපිරීමෙන් දිවි අහිමි වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදෙන බව දිල්ලි ප්‍රධාන අමාත්‍ය රේඛා ගුප්තා සදහන් කළා.
රතු බලකොටුව ආසන්නයේ දුම්රිය ස්ථානයක් ඉදිරිපිට පෙරේදා මෝටර් රථයක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
එමෙන්ම අද දිනයේදීත්, රතු බලකොටුව සහ ”ලාල් කිලා” දුම්රිය ස්ථානය වසා තැබෙන බවද විදෙස් වාර්තා වල සඳහන්.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










