මේ වන විට පාලන මිල ඉක්මවා ගොස් සහල් විකිණීම සිදු වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන් පාලන මිලට අනුව සහල් විකිණීම සදහා කටයුතු කරන බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී සහල් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු සදහන් කළේ.
එමෙන්ම මෙරට තුල සහල් සංචිත හිඟයක් ඇතු වුවහොත් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.