
පාර්ලිමේන්තුව අද සිට සැප්තැම්බර් 25 දක්වා පැවැත්වීමට නියමිතයි . විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනවා. අදාළ ඇස්තමේන්තුව හෙට දිනයේ අනුමත කිරීමට නියමිතයි. මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවට වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් නිගමනය ඊයේ කථානායකවරයා වෙත ලබා දී තිබුනා. එමෙන්ම අද විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම හෙට විවාදයට ගැනීමට තීරණය කරනු ලැබුවා. ඒ , නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි . කෙසේ වෙතත් හෙට දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය සදහන් කලේ.














