
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 82,011ක් ද, මරණ 61ක්ද වාර්තා වී ඇති බවයි. ඒ අනුව, දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කළාප 175ක් පවතින බව එම ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.














