ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින් සිටිනවා.
මාස 13ක ගැටුම් අවසන් කිරීමේ පියවරක් ලෙසයි මෙම සටන් විරාමයට එලබ ඇත්තේ.
දහස් සංඛ්‍යාත ලෙබනන සිවිල් වැසියන් සිය නිවෙස් කරා නැවත පැමිණීමට පටන් ගෙන තිබෙනවා.
නමුත් ඊශ්‍රායලය අනතුරු අඟවන්නේ ඇතැම් ප්‍රදේශවලට ආපසු යාම තවමත් ආරක්ෂිත නොවන බවයි.
බීරූට් සිට ප්‍රධාන මහාමාර්ගයේ රථවාහන තදබදයක් ඇති අතර බොහෝ පිරිස් සිය පවුල් ද සමග පැමිණෙන අයුරු දැකගත හැකියි.
සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස ලෙබනන හමුදාවේ 5,000 ක භට පිරිසක් තවදුරටත් දකුණු ලෙබනනයේ රැඳී සිටිනු ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කලේ