හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක සමග එම ජාවාරමේ නිරත වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදා කෝප්‍රල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා
අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර කෝප්‍රල්වරයා ලබන 21වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් අභිමානී සෙනවිරත්න මෙනවිය එහිදී නියෝග කළා.











