වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන්තැන්නට සියලු මාර්ග ඔස්සේ විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා පවසනවා.
නෙළුව ශාකයේ ඇතැම් වර්ග වසර 7-12ත් අතර කාලයකදී වර්ධනය වී මල් හටගන්නා අතර නෙළුව ශාකය විනාශ වී යන බැවින් මව් මරා උපන් මල ලෙසද බොහෝ පරිසරවේදීන් අර්ථ දක්වනවා.
ශ්‍රී ලංකාව තුළු නෙළුව විශේෂ 35ක් පමණ වාර්තා වන බවත් ඉන් නෙළුව ශාක 30ක් පමණ මෙරටට ආවේණික ඒවා බවත් හෝර්ටන්තැන්න, පට්ටිපොල, ඔහිය, කිරිගල්පොත්ත, තොටුපොළකන්ද ආදී ප්‍රදේශවල බහුලව මේ දිනවල නෙළුව ශාකායේ මල් පිපී ඇති බවත් එහි සංචාරය කළ අපට දැක හැකි විය.
මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කාප කිහිපයක සුදු, නිල්, දම් සහ රෝස ඇතුළු වර්ණ කිහිපයකින්ම නෙළුව මල් පිපී තිබෙනවා.
2013 වසරේ නෙළුව මල් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ මෙවැනි ආකාරයටම පිපී තිබුණ බවත් යළිත් 2037 වසරේ නෙළුව ශාකයේ මල් හටගන්නා බවත් පරිසරවේදීන් පවසනවා.
හෝර්ටන්තැන්න උද්භිත උද්‍යානයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් පට්ටිපොල හෝර්ටන්තැන්න මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පවවතින නිසා එය පාලනය කිරීමට අමතර පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවූ බව පට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා කියා සිටියා.