උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර මුහුදට බැලැස්ටින් මිසයිල දෙකක් දියත් කර ඇති බව ජපානය සහ දකුණු කොරියාව සදහන් කර තිබෙනවා.
ඇමරිකාවේ බැලැස්ටික් මිසයිල සහිත සබ්මැරීනයක් දකුණු කොරියාවේ වරායකට පැමිණ පැය කිහිපයකට පසුව මෙම බැලැස්ටික් මිසයිල දෙක දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එහිදී මෙම මිසයිල දෙක ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් පිටතට වැටී ඇති බවද ජපාන ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.













