නුවරඑළිය බඹරකැලේ වතුයාය හරහා අද (30) දිනයේ හමා ගිය දැඩි සුළඟකින් වතු නිවාස පෙළ පිහිටි නිවාස හතරක වහල ගැලවී ගොස් ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
අද(30) දහවල් එක්වරම සුළඟක් පැමිණි බවත්, ඒස මගම වහලයේ සවිකර තිබූ සෙවිලි තහඩු ගැලවී ගිය බවත් පීඩාවට පත්වූ වතු කම්කරුවන් කියා සිටියා.
අවතැන් පවුල් 4කට අයත් සාමාජිකයන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරීමට පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.