පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් ඩන්බාර් වතුයායේ වතු නිවසකට සහ ඊට යාබදව පිහිටි වතු ගබඩා කාමරයකට හානි සිදුව තිබෙනවා.
වතුයායේ පාලනාධිකාරීවරයා කියා සිටියේ පස් කන්ද කඩා වැටීමෙන් ගබඩා කාමරය සම්පූර්ණයෙන්ම සහ නිවසට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇදහැලෙන අධික වැසි සමග නිවස පිටුපසින් වූ පස් කන්දා ඊයේ(11) රාත්‍රී 11.45ට පමණ කඩා වැටුණු බවයි පීඩාවට පත් වතුකම්කරුවන් පවසන්නේ.
නිවසේ මුළුතැන්ගෙට සහ කාමරයකට හානි සිදුව තිබෙනවා.
එම නිවසේ පදිංචිව සිටි සාමාජිකයන් හය දෙනා තාවකාලිකව ඔවුන්ගේ ඥාතී නිවසක නතර කිරීමට පියවර ගැනුණා.
පස් කන්ද කඩා වැටීමෙන් තම වතුයායේ ගබඩා කාමරයේ ගොඩනැගිල්ලට සහ එම ගොඩනැගිල්ල තුළ වූ භාණ්ඩ රැසකට හානි සිදුව ඇති බවයි වතුයායේ පාලන අධිකාරිවරයා කියා සිටියේ.