මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි ජල පෝෂක ප්‍රදේශයන්ට ඊයේ(18) රාත්‍රීයේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ජනජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබෙනවා.
හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝන මීදුම් තත්ත්වය දැකගත හැකි වනවා.
එම මාර්ගවල රථවාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර පවතින වර්ෂාවත් සමග ඩොවෝන් දියඇල්ලේ ජල ධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා.