
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන තිබෙනවා. ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වාද, දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වාද පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. අද මැදියම් රැයේ සිට මෙය ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ.














