සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අද පස්වරු 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 77 කින් ජය ගත් අතර බංග්ලාදේශය දෙවන එක්දින තරගය ලකුණු 16 කින් ජය ගනු ලැබුවා. මේ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1 ට 1 ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා. දෙපිලම අද තරගයට පිවිසෙන්නේ තරගය ජය ගෙන එක්දින තරගාවලියේ ජය ගැනීමේ අරමුණින් වීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර හයකට පසුව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10 න් තරග 8 ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි
- ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි













