පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද රාත්‍රී 7:00 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ , අරණායක යන ප්‍රදේශ සදහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත්කර තිබුනා .
එමෙන්ම විමසිලිමත් විය යුතු බව දැනුම්දෙන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය දිස්ත්‍රික්ක 08 ක් සදහා නිකුත් කර තිබෙනවා .
බදුල්ල ,කළුතර ,මහනුවර ,කෑගල්ල ,කුරුණෑගල ,මොනරාගල ,නුවරඑළිය ,සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක් සදහා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කලේ .











