රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර, ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ පුත්තලම මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.
එහිදී ඔහුගේ රියදුරු බලපත්රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.
නඩුව යලි ලබන වසරේ මාර්තු 25වනදා කැඳවීමට නියමිතයි.