වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය සදහා තිරසාර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
වන සතුන්ගෙන් සිදු වන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් ක්‍රියාකාරී සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම මෙම කමිටුවේ ප්‍රධාන අරමුණයි.
ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය බවයි මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ.
එමෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවත් විශේෂයෙන් ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්











