මෙරට රත්තරන් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇති බව වෙළදපොල දත්ත වාර්තා පවසනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළදපොලේ කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ හැට තුන්දහස් අටසීයයක් දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.
ඊයේ දින එහි මිල දැක්වූයේ රුපියල් එක් ලක්ෂ හැට එක් දහසක් ලෙසටයි.
මේ අතර ඊයේ දින එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් එක් ලක්ෂ හැත්තෑ අටදහසක් දක්වා ඉහළ ගොස් ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළදපොල ආරංචි මාර්ග පවසනවා.