මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(17) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් ත්‍රීරෝද රථයේ රියදුරා ඇතුළු තරුණයන් සිව් දෙනෙක් තුවාල ලබාf කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය ආසන්නයේදී මෙම අනතුර අද(17) උදෑසන 8.30ට පමණ සිදුව තිබෙනවා.
නිට්ටඹුවේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටි පිරිසක්, නුවරඑළියේ සිට කොළඹ දක්වා ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ රියදුරාට නින්ද යාමෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ මෝටර් රථය ත්‍රීරෝද රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන දිඹුලපතන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීයෙක් කියා සිටියේ.
අනතුරින් ත්‍රීරෝද රථයට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධානෙ මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙද දිඹුලපතන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.