අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
ඒ පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහ ගතකිරීම සම්බන්ධ කමිටු වර්තාවට විරෝධය පලකරමින්.
ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් වෙත වැඩිදුර නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.
එම වාර්තාවට සේවකයින් දැඩි විරෝධතාවක් දක්වන බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 09ක් පවතින අතර එහි 850ක පමණ සේවකයින් පිරිසක් සේවය කරනු ලබනවා.
ඒ අනුව එම සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිල නොවන මට්ටමින් එකඟතාවයකට එළඹ ඇති බව සඳහන් .
එළැඹෙන අයවැය කාලසීමාව තුළ අදාළ විරෝධතාව සිදුකළ යුතු බවට ද සේවකයින් යොජනා කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.













