වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 28 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්ව තිබෙනවා. වාරියපොල පොලිසිය පවසන්නේ එම පුද්ගලයා තියුණු ආයුධ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි. එම පවුලේම තවත් පිරිසක් ගැටුම අවස්ථාවේදී තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා. මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරාද බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලද පිරිස අතර මියගිය පුද්ගලයා ගේ වැඩිමහල් සොහොයුරියද වනවා. මෙම පවුල සහ ගමේ පිරිසක් අතර කාලයක සිට ආරවුලක් තිබි ඇති අතර මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්‍රව්‍ය චෝදනා මත සිරදඩුවම් විඳ පැමිණි පිරිසක් බවටයි අනාවරණ වන්නේ.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල රැකියා සදහා තවත් ලාංකිකයින් පිරිසක්
- මාපිය රැකවරණ දීමනාව සම්බන්ධයෙන් නිවේදනයක්
- ප්‍රසිද්ධ ගායකයෙක් අධිකරණයේදී වරද පිළිඅරන්
- තංගල්ලට ගෙනා බෝට්ටුවෙන් හමු වූ දේ
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
- ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
- යටියන්තොට, තංගල්ල, කළුතර අයවැය මාලිමාව පරදී
- නුගේගොඩ රැළිය ගැන පොලිසියෙන් නිවේදනයක්












