බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් දහසය දෙනෙකුට ලබන ජූලි මස දෙවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙකු, බන්ධනාගාර අධිකාරීවරයෙකු, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙකු, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වනවා. මේ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක මහතා බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහතා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරු කර යවා තිබෙනවා. වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරා වන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මහතා මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් මහතා වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













