ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විශ්වීය කාලාන්තර සමාලෝචන වාර්තාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වී තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි සුභාෂිනි අරුණතිලක මහත්මිය සදහන් කළේ එහි අන්තර්ගත කරුණු බහුතරයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.
එමෙන්ම, ඕනෑම පුරවැසියෙකුට අදහස් ප්‍රකාශ කිරීම හා සාමාකාමීව රැස්වීම වැනි අයිතීන් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර ඇති බවද ඇය මෙහිදී අවධාරණය කළා.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 29 වැනි රැස්වීම පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවරදීයි.













