ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොදු ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සදහා පනවා තිබූ සීමාවන් මෙලෙස ලිහිල් කර තිබෙනවා.
එමෙන්ම පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද ප්‍රකාශ කළේ ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජය තවදුරටත් අවධානය යොමු කරමින් සිටින බවයි.