රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවසන් ලිපිය අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කරන බව වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
ඒ අනුව බදු ගැටලුවට විසදුම් නොලැබෙන්නේ නම් ලබන 03 වන දා සිට යලි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව එම සමිති එකමුතුව පවසනවා.
වෛද්‍ය, විශ්ව විද්‍යාල, බැංකු, ඉංජිනේරු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති නියෝජිතයින් මෙයට එක්ව සිටින අතර ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු දෙනා සමග එක්ව අද දිනයේදී සාකච්ඡා කරන බවයි වෘත්තිය සමිති එකමුතුවේ සාමාජිකයින් ප්‍රකාශ කළේ.
මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා.