කොළොම්බියාවේ දී සිදුවූ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළොම්බියාවේ කැලි නගරයේ ගුවන් හමුදා පාසලක් අසළ මෝටර් රථයක් පුපුරුවා හැරීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 71ක් දෙනෙකු තුවාල ලැබුවා.
එමෙන්ම අමල්ෆි ප්‍රදේශයේදී මෙහෙයුම් කටයුත්තකට යොදවා තිබූ හෙලිකොප්ටර්යානයක් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
එම ප්‍රහාරයෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මෙම ප්‍රහාරයන් දෙක එරට විප්ලවවාදී සන්නද්ධ හමුදා කැරළිකාර කණ්ඩායම හෙවත් F A R C විරුද්ධවාදීන් විසින් සිදුකර ඇති බවට කොළොම්බියානු ජනාධිපතිවරයා චෝදනා කරනවා.
2016 වසරේදී රජය හා එම කැරළිකාර කණ්ඩායම අතර අත්සන් තැබුණු සාම ගිවිසුමෙන් ඉවත් වීමට F A R C විරුද්ධවාදීන් මේ වන විට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.