ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය පිළිබදව දෙවන දින විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
විපක්ෂය සිදු කළ ඉල්ලීමකට අනුවයි මෙම විවාදය ආරම්භ කෙරුණේ. මේ පිළිබදව අද දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.
හඬ පට ධාවකයමේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මුදල් ලබා නොදීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය යළිත් කල්යනු ඇති බවටයි.
හඬ පට ධාවකයවිපක්ෂ නායකවරයා දැක්වූ අදහස්වලට පිළිතුරු ලබා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ පසුගිය යහපාලන කාලසීමාව තුළදි පළාත් පාලන මැතිවරණය පමණක් නොව පළාත් සභා මැතිවරණයද කල් තැබූ බවයි.
හඬ පට ධාවකයපළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂය ඇතු`ඵ විපක්ෂයේ බොහෝ පිරිසක් තානාපතිවරුන් මුණ ගැසී අදහස් ප්‍රකාශ කළ බවටයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
හඬ පට ධාවකයමේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
හඬ පට ධාවකය