මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8,634 ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ දේපොළ ද පොලිසිය භාරයට ගෙන ඇති බවය පොලිස්පතිවරයා සඳහන් කළේ.
මේ අතර බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ සිට විශේෂ මෙහෙයුමක් පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.