
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. විමල් වීරවංශ මහතාගේ වාහනේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට ඒමට නොහැකි වූ බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා. ඒ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම හෙට දින මෝසමක් මාර්ගයෙන් සිදුකිරීමට පියවර ගන්නා ලෙසයි දක්වා ඇත්තේ.














