එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම සමත් වුණා.
ඒ අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරාජයට පත් කරමින්.
එහිදී පැවති පළමු තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම පරදා එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 286ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 289ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පරදා කඩුළු 05ක ජයක් වාර්තා කිරීමට ඕමාන කණ්ඩායම සමත් වුණා.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 227ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන කණ්ඩායම පන්දුවා 46ක් අවසානයේ කඩුළු 05න් පමණක් දැවී ලකුණු 228ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට













