Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මන්ත්‍රීවරයකු කල පහර දීමකින් ගුරුවරයකු රෝහලට

    මන්ත්‍රීවරයකු කල පහර දීමකින් ගුරුවරයකු රෝහලට

    2022-12-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට පහරදුන් බව පවසමින් ගුරුවරයෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා .

    ඔහු බණ්ඩාරවෙල පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු බවයි වාර්තා වන්නේ.

    අදාල ගුරුවරයා පවසන්නේ තමාට පාසල තුළට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙලෙස පහර දුන් බවයි .

    විදුහලේ ගොඩනැගිලිවල පිළිසකර කිරීමේ කටයුත්තකට ගුරුවරුන් ඇතුළු පිරිසක් පසුගිය ඉරිදා පාසලට පැමිණ ඇති අතර එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සමග හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාද පැමිණ තිබෙනවා .

    එහිදී අදාළ ගුරුවරයා සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වනවා .

    මේ අතර මෙම සිද්ධියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට පවසමින් විද්‍යාලයේ ගුරුවරුන් ඊයේ බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවක නිරත වුණා .

    මේ අතර තමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා .

    ඒ අනුව අදාළ පුද්ගලයා බණ්ඩාරගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී සිහිසුන්ව ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ .

    ඔහුව සුවසැරිය ගිලන් රථයක් මගින් බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කෙරුණා .

    පහර කෑ බව කියන පුද්ගලයා පානදුර දිග්ගල ප්‍රදේශයේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සංවිධායකවරයෙකු වන අතර ඔහු තම මිතුරෙකු සමග අවමංගල්‍යකට සහභාගී වී , පැමිණෙමින් සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහරදුන් බවටයි චෝදනා කරන්නේ .

    කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ, තමා එවන් කිසිඳු පහරදීමකට සම්බන්ධ නොවූ බවයි .

    Sendil Thondaman
    පෙර පුව​තලුණු සමාගමට නව සභාපතිවරයෙක්
    ඊළඟ පුව​ත පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය කනගාටුව පල කරයි

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group