සූර්ය බලශක්තිය සදහා නව මිල සූත්‍රයක් හදුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වනවා.
පසුගිය වසරේ එම ක්ෂේත්රයට හදුන්වා දුන් ගාස්තු සංශෝධනය අහෝසි කරමින් මෙම මිල සූත්‍රය ගෙන ඒමට නියමිත බව සදහන්.
ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර විදුලිබල පනත වෙනස් කිරිම සදහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට රජය සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මේ තුළින් විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම්වලට ලබා දීමේ රජයේ සූදානමක් පවතින බවයි ඔහු චෝදනා කරන්නේ.