අධිවේගී මාර්ගයන්හි මගීන් ප්‍රවාහනය කරනු ලබන සියලුම බස් රථ 20 වන ඉරිදා සිට ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසන් සභාව මගින් අධිවේගී මාර්ග බස් රථවලින් අසාධාරණ ලෙස ටෙන්ඩර් ගාස්තු අය කිරීමට එරෙහිව මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි.
ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය මුවක් කැඳවමින් ඊයේ(14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
එහිදී සභාපති සම්පත් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ අධිවේගී මාර්ගයන්හි ධාවනය කරන සියලුම බස් රථ සංගම් සමග මෙම විරෝධතාවය ක්‍රියාත්මක කරන බවයි.
අධිවේගී මාර්ගයන්හි ධාවනය කරනු ලබන බස් රථවලින් රුපියල් ලක්ෂ දෙකකට අධික ටෙන්ඩර් ගාස්තුවක් අසාධාරණ ලෙස අය කරන බවත් ඒ හේතුවෙන් බස් රථ තවදුරට ධාවනය කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
එම ටෙන්ඩර් ගාස්තු අය නොකර අධිවේගී මාර්ග ගාස්තුවලින් මගියෙකුගෙන් රුපියල් දෙසීයක පමණ මුදලක් අඩුකර එම සහනය ඔවුන්ට ලබාදෙන ලෙසට ඉල්ලා සිටින බවද රණසිංහ මහතා පවසනවා.
උණුසුම් පුවත්
- හැටන් වෙළෙඳුන් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත්වෙයි?
- හිටපු ජනපති රනිල්ගෙන් ඊලොන් මස්ක්ට මල් මිටක්
- රුසියාවේ සහායට උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක්
- බස්නාහිර පළාත් කොමසාරිස්වරියට එරෙහිව සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
- බාලි බලා ගිය මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38 ක් අතුරුදහන්
- යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අද සිට
- කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට යාපනයට ස්ථාන මාරුවක්
- ජනාධිපති ලේකම් සහ මෙරට නෙදර්ලන්ත තානාපතිනිය අතර විශේෂ හමුවක්