අපරාධ සහ ඝාතන රැල්ල මර්දනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් 15 ක්දිවයින පුරා අඛණ්ඩ විමර්ශන කටයුතුවල නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජයපාල මහතා පවසනවා.
ජනතාවට ගුණාත්මක හා විශ්වාසනීය පොලිස් සේවාවක් ලබාදීමට මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව තුළ ව්‍යුහාත්මක සුවිසල් වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
පාතාල ක්‍රියාකාරකම් හෝ වෙඩි තබා ගැනීම්වලින් හෝ වේවා සිදුවන මිනිස් ජීවිත හානි පිළිබඳව රජයක් ලෙස තමන්ට කිසිසේත් ඒවා නොසලකා හැර සිටිය නොහැකි බැවින් ඒවා මර්දනයට මේ පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වයඹ පළාත් අපරාධ විමර්ශන කොට්ඨාශය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් මෙම වයඹ පළාත් අපරාධ විමර්ශන කොට්ඨාශය කුරුණෑගල වැහැර පිහිටි පොලිස් අභ්‍යාස සංකීර්ණදී ආරම්භ කෙරුණා.
පොලිස් ස්ථානවලින් තම පැමිණිලි සම්බන්ධයෙන් කරුනු ඉටු කර ගැනීමට නොලැබුණහොත් ඒ අයට අලුතින් පිහිටුවන පලාත්බද අපරාධ කොට්ඨාශවලට ගොස් තමාගේම පැමිණිලි භාර දීමට හැකියාව හිමිවනවා.
එමෙන්ම යම් පොලිස් කොට්ඨාසයක තිබෙන අපරාධ පිළිබඳ පැමිණිලි අදාළ පොලිස් ස්ථානවලින් නිසියාකාරව විභාග නොවන අවස්ථා වලදී ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටත් මේ පළාත් බද කොට්ඨාස තුළ ඉඩකඩක් හිමිවනවා.