ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසුවේ රථවාහන රාජකාරී කටයුතු සදහා ද පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදවා ඇති බවයි.
නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනවා.
මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා.
මේ අතර 75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට බාධා වන අයුරින් ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා .
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ .
මෙම අධිකරණ නියෝගය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සදහන් කළේ.
මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා.