ලොව පුරා මිලියන 735 ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.
එම වාර්තාව සකස් කර ඇත්තේ 2022 වර්ෂය පාදක කර ගනිමින් .
කොවිඩි වසංගත තත්ත්වය ව්‍යාප්තියට පෙර පැවති කුසගින්නෙන් පෙළෙන්නන්ගේ අගයට වඩා මෙය ඉතා ඉහළ අගයක් ගෙන ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ පවසන්නේ 2030 වසර වන විට කුසගින්නෙන් පෙළෙන ජනතාවගෙන් තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලීය අරමුණ ජයගැනීම බලවත් තර්ජනයක් වනු ඇති බවයි.