මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවයි ඇය සදහන් කළේ.
Gem City Ratnapura- 2025” 2025” තේමාවෙන් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සදහන් කළා.
2025 අගෝස්තු මස 15 ඇරඹි මෙම ප්‍රදර්ශනය 16 හා 17 දෙදින පුරා පැල්මඩුල්ල ග්‍රෑන්ඩ් සිල්වරේ හෝටලයේදී පැවැත්වෙනවා
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සංවිධානය කරන මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශනය, ලෝකයේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළක් ලෙස ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
විවිධ වර්ගයේ මැණික්, මැණික් හා ස්වර්ණාභරණ කැණීම් සහ සැකසීම් ක්‍රමවේදයන්, පරීක්ෂණාගාර සේවා මෙන්ම ක්ෂේත්රයේ පුහුණු හා අධ්‍යාපන අවස්ථාවන්ගෙන් සමන්විතව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා.