ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවයි.
එමෙන්ම සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා දිනයේ නිකුත් කරන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පවසනවා.
ඒ මහතා කියා සිටියේ අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවයි.