දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු යන පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම තත්ත්වයත් සමග ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උණුසුම් පුවත්
- වික්ටෝරිය, රන්දෙනිගල සහ රන්ටැඹේ ජල මට්ටම ගැන නිවේදනයක්
- නවගමුවේ ඇඟලුම් කම්හල ගින්නක්
- දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අරියි
- ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න
- ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ
- කසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
- උඩදුම්බරට භූ කම්පනයක්
- බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙක් අත්අඩංගුවට













