අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එම ලිපිය මගින් ජාතික ජන බලවේගය එම යෝජිත විවාදය සඳහා මැයි මස 07, 09, 13 සහ 14 යන ලබා දී ඇති අතර, ඒ අනුව මෙම දින වලින් සමගි ජන බලවේගය කැමති දිනයක් විවාදය සඳහා යොදාගැනීමට හැකි බවයි එමගින් දන්වා ඇත්තේ.
එමෙන්ම සමගි ජන බලවේගයේ සූදානම අනුව දිනය තෝරාගැනීමෙන් අනතුරුව විවාදය පැවැත්වීමට අදාළ වෙලාව සහ විවාදයේ කාලසීමාව ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද මෙම ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













